Teacher's Day Celebration

අ.පො.ස.උසස් පෙළ විභාගය 2023 ජනවාරි 04 දින

Cabmpture.png
Cabmpture.png

1895

කේ.ඩී. පීරිස්

ඊරියගොල්ල මැදි මහ විදුහල කංකානියමුල්ල නම් නිසල පරිසරයෙහි පිහිටි ඉඩමක 1895 දී ළමුන් 4 කු ගෙන් කටුමැටි ගැසූ පොල් අතු මඩුවක ආරම්භ කෙරිණි. වසර 125 ක අභිමානවත් යුග මෙහෙවරක එකල නියුමුවා වූයේ කේ.ඩී. පීරිස් මුල් ගුරුතුමායි.

50 දශකය

හේරත් මහතා

50 දශකය තුළ මෙම විදුහල පළාතේ ජනප්‍රියතම පාසල බවට පත් කිරීමට එවකට මුල් ගුරු හේරත් මහතා සුවිශේෂී මෙහෙවරක යෙදී ඇත විසිතුරු මල් වලින් ,එළවළු හා පළතුරු උයන් වළින් පාසල් බිම ස්වයංපෝෂිත කර ඇත. ඒ තුළින් සමස්ථ ප්‍රදේශයටම එළවළු හා පළතුරු බෙදා හල මානවිය කම්හලක් ලෙසින් පාසල් ඉතිහාසයට ස්වර්ණමය පිටුවක් එක් කර ඇත.

1968

ආර්.කේ.වි. අප්පුහාමි

මෙම පාසල රජයේ මිශ්‍ර පාසලක් ලෙස ආර්.කේ.වි. අප්පුහාමි මුල් ගුරුතුමාගේ කාලයේදි ප්‍රකාශයට පත්වීම විශේෂ සිද්ධියකි.එමෙන්ම දේශපාලනික යුග පුරුෂයක් වුත් අධ්‍යාපන ඇමතිවරයෙක් වූත් ඉමියා මුදියන්සේලාගේ රැපියල් අප්පුහාමි හෙවත් අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිදුන් මෙම පාසල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් ලෙස ඔසවා තැබීමට අවංක උදාර කැප කිරීමක් කළ බවද එනිසා එතුමන්ට ගෞරවයක් ලෙසින් ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත මෙම විදුහල අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල විද්‍යාලය නමින් නම් කළ බවත් ඉතිහාසගත තොරතුරු පෙන්වා දෙයි.

1997-2005

එල් ධර්මසේන

විදුහල්පතිතුමාගේ යුගය මෙම පාසල දැවැන්ත මානව,භෞතික මෙන්ම අධ්‍යාපනික ප්‍රගතියක් ලබා තිබුණ බවට සාක්ෂි ඇත. නව දෙමහල් ගොඩනැගිල්ලක් , පරිඝණක ඒකකයක් , විද්‍යාගාර පහසුකම් මෙන්ම පුස්තකාල පහසුකම්ද මෙම පාසලට ලබාදිමටත් එතුමා ක්‍රියා කර ඇත. එමේන්ම එතුමන් පැමිනෙන විට 216 ක් වූ ශිෂ්‍ය සංඛ්‍යාවද 600 දක්වා වර්ධනය කරමින් පාසලට යෝධ ශක්තියක් ලබාදිමට මෙම යුගයේදි එල් ධර්මසේන විදුහල්පතිතුමන් ක්‍රියාකර ඇති බව ඉතිහාසය දෙස් දෙයි. එමෙන්ම ආර්.බී වෙළගෙදර විදුහල්පතිතුමන්ද පාසල් ඉතිහාසය තුළ නොමැකෙන නාමයක් සටහන් කර ඇත. පාසල පත් වූ අවදානම් යුග පරදා විශ්මිත වෙනසකට නායකත්වය දීමට මෙන්ම දිගු කාලයක් පාසල ගොඩනැගිමේ අගනා මෙහෙවරක් කළ බවටද ඉතිහාසය සාක්ෂි දරයි

2016 සිට

එම්.එම්.එන්.එස්. මාරසිංහ

වසර 125 ක් පැරණි මෙම විදුහල වර්ථමානයේ දරුවන් 400 ක් පමණද අධ්‍යයන /අනධ්‍යයන කාර්යය මණ්ඩලය 40 ක පිරිසක් ද සමගින් වත්මන් විදුහල්පතිතුමන්ගේ නායකත්වය යටතේ පුනර්ජීවනය කරා ගමන් කරමින් සිටියි.