නිර්මාතෘවරු

Teacher's Day Celebration

අ.පො.ස.උසස් පෙළ විභාගය 2023 ජනවාරි 04 දින

Cabmpture.png
Cabmpture.png
imra

වසර 125 ක අභිමානවත් යුග මෙහෙවරක එකල නියුමුවා වූයේ කේ.ඩී. පීරිස් මුල් ගුරුතුමායි. දහසකුත් බාධක අභියෝග හමුවේ ඉදිරියට ගොඩ නැගු මෙම පාසල එදා මුළු පළාතටම අධ්‍යාපන ක්ෂේම භුමියක් විය .

50 දශකය තුළ මෙම විදුහල පළාතේ ජනප්‍රියතම පාසල බවට පත් කිරීමට එවකට මුල් ගුරු හේරත් මහතා සුවිශේෂී මෙහෙවරක යෙදී  ඇත විසිතුරු මල් වලින් ,එළවළු හා පළතුරු උයන් වළින් පාසල් බිම ස්වයංපෝෂිත කර ඇත. ඒ තුළින් සමස්ථ ප්‍රදේශයටම එළවළු හා පළතුරු බෙදා හල මානවිය කම්හලක් ලෙසින් පාසල් ඉතිහාසයට ස්වර්ණමය පිටුවක් එක් කර ඇත.

1968 ජනවාරි 01 දින මෙම පාසල රජයේ මිශ්‍ර පාසලක් ලෙස ආර්.කේ.වි. අප්පුහාමි මුල් ගුරුතුමාගේ කාලයේදි ප්‍රකාශයට පත්වීම විශේෂ  සිද්ධියකි.එමෙන්ම දේශපාලනික යුග පුරුෂයක් වුත් අධ්‍යාපන ඇමතිවරයෙක් වූත් ඉමියා මුදියන්සේලාගේ රැපියල් අප්පුහාමි හෙවත් අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිදුන් මෙම පාසල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් ලෙස ඔසවා තැබීමට අවංක උදාර කැප කිරීමක් කළ බවද එනිසා එතුමන්ට ගෞරවයක් ලෙසින් ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත මෙම විදුහල අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල විද්‍යාලය නමින් නම් කළ බවත් ඉතිහාසගත තොරතුරු පෙන්වා දෙයි.