ඊරියගොල්ල මහා විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු !
වසර 125 කට පෙර ස්වභාව සෞන්දර්යයේ අසිරිය දනවන රමණිය වන පියසක් අසබඩ භුමියක ගොඩ නැගුන ඊරියගොල්ල නම් විදුපියස පිළිබද අතිතාවලෝකන මෙසේ සටහන් කරමි. හරිත වර්ණයෙන් යුත් තුරුලතාවන් ගෙන් සුසැදි මනරම් වන පෙතකින්ද නිල්ල පිරුණ තණ පදුරු වලින්ද ගලායන නිල්වන් දිය දහරාවකින්ද අලංකෘත නිසංසල ඊරියගොල්ල නම් ගම් දනව්වෙහි ශත වර්ෂයකට එපිට යුගයක රෝපිත ඊරියගොල්ල මහා විද්‍යාලය නමි ස්වර්ණමය බීජය තුළින් දසත පැතුරුණ මහා වාක්ෂය දෙස කන්නානියම් මූකලාන නම් වු වන පියස විදු පියස ආරක්ෂා කිරීමට බැදි ඇත් පවුරක් සේ උපේක්ෂාවෙන් බලා සිටියි.සොල්බරි සාමිවරයා විසින් රෝපිත මහා සියඹලා වෘක්ෂය මේ බිමේ සිදු වූ සියල්ල දකිමින් අකම්පිත ගුණයෙන් තාමත් අපේ කාලයේ දරුවන්ගේ මීමුත්තකුසේ දරුවන්ට සෙවන සදමින් විරාජමානව විදුපියස ඉදිරියේ බලා සිටියි . විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.








